චිකේ ආච්චි!!

hqdefault.jpg

වයසක පහේ ජෝඩුවක් ඉරිදා දවසක පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වුනා. අනේ හරි පිංවන්ත මිනිස්සු. වළපයයි ගොඩපයයි එගොඩ මෙගොඩ පෙනුනත් හරි වටිනවා මේ ශ්‍ර‍ද්ධාව.

එක පාරටම ආච්චිගේ ඇස් උඩ ගියා. පස්සේ පැත්තකින් හිටගෙන ඉදපු සීයාට ඔලුවෙන් කතාකරලා මෙහෙම කෙදිරුවා.

“මොන මල ජරාවක් කැවිලාද මංදා අද ටිකක් බඩ අමුතුයි වගේ සුදා. සද්ද නැතුව මට පඩයක් ගියා. අම්මපා එච්චර දිග පඩයක් සද්ද නැතුව ගියාම දැනෙන්නේ පුදුම සහනයක්.“

තමන්ගේ ජයග්‍ර‍නයෙන් උද්දාමයට පත්වෙච්චි ආච්චිට එතකොට සීයා මෙහෙම කිව්වා. “ඇයි හත්වලාමේ අච්චර කියලත් ඔය කනේ ගහන අටමගලේ (ශ්‍ර‍වනාධාරවල) බැටරි මාරු නොකළේ? විලි ලැජ්ජාවේ බෑ“

Advertisements

උඹලගේ අම්මගේ නෑයෝ!!

12002196-Father-told-a-funny-story-to-his-son--Stock-Vector-laugh-father-cartoon.jpg

පිංබඩා දවසක් තාත්තා ළගට ගිහිල්ලා මෙහෙම ඇහුවා.

“තාත්තේ, කොහොමද අපි ඉපදෙන්නේ?“

“ආදමුයි ඊවායි දෙන්නා එකතුවෙලා හදපු බබාලා ලොකු වුනා, ඊටපස්සේ ඒ බබාලා එකතුවෙලා තව බබාලා හැදුවා. ඔහොම ඔහොම දිගට දිගට බබාලා හැදුනා.“

මේක ඔලුවේ තියාගෙන කොලුවා ගියා අම්මා ළගට. ඊටපස්සේ පෙර ප්‍ර‍ශ්නෙම ඉදිරිපත් කළා. උන්දෑ මෙහෙම උත්තරයක් දුන්නා.

“අපි පැවතගෙන ආවේ වදුරන්ගෙන්. අන්තිමේදි දැන් මිනිස්සු වගේ ජීවත්වෙනවා.“

ඒක ඇහුවා විතරයි. කොලුවා ඉගිලිලා ගියා ආපහු තාත්තා ලගට.

“තාත්තා ඇයි මට බොරු  කිව්වේ?“ පුතා අම්මා කිව්ව දේවල් තාත්තාට කිව්වා.

“අනේ මංදා බං. මම හිතන්නේ උඹලෑ අම්මා ඒ කිව්වේ එයාගේ පැත්තේ උදවිය ගැනද කොහෙද.“

රසකර කන ඔබේ ආහාර ගැන ඔබ නොදත් යමක්.

කට්ට බිද විටෙක කටට හලා ගන්නා පොල් වතුර හදිසි අත්‍යවශ්‍යය අවස්ථාවන් හීදි රුධිර ප්ලාස්මාවන්ට සාපේක්ෂක අනුකාරකයක් ලෙසද භාවිතා කරන බව ඔබ දන්නවාද?

කොපමණ පරණ වුවත් නරක් නොවන මී පැනි අවුරුදු 3000ක් වුවද කල් තබා ගත හැකිය.

ඩයිනමයිට් නිශ්පාදනයට රටකජුද යොදා ගනී.

ගුවන් යානයේදි අපට ලැබන ආහාර පාන රසයෙන් අඩු බවක් අපට දැනෙන්නේ ඇයි? ඒ ගුවනේදි අපගේ රස හා ආඝ්‍රාණ සංවේදිතා 20 – 50 % කින් පහළ බසින නිසයි.

ආහාර සදහා, මිනිසුන් සෑම තත්පරයකටම අවම වශයෙන් සතුන් 1776 ක් බැගින් මරා දාමන බව ඔබ දන්නවාද?

බ්‍රාහ්මීන්ට පිදූ ආහාර මත දිගාවි එහා මෙහා පැදකුනු කිරීමෙන් තමන්ගේ ගැටලු නිරාකරණය වී සෞභාග්‍යය උදාවන බවට විශ්වාසයක් දකුණු ඉන්දියාවේ ජනතාව අතර පවතියි.

ෆෘෘට් සැලඩ් යනුවෙන් ඇත්තටම ගසක් තිබෙන බව ඔබ දන්නවාද? එසේ හදුන්වන්නේ ඒ ගසේ විවිධ පළතුරු වර්ග 7ක් පීදෙන නිසයි. http://www.fruitsaladtrees.com/

අන්නාසි අයත් වන්නේ බෙරි (ස්ට්‍රෝබරි ආදි) පවුලටයි.

මෙලොව පරලොව යා කළ පරණ අත්දැකීම. (හාහාහා)

එක්තරා දවසක ටැක්සියකට ගොඩවැදුනා මහත්මයෙක්. ඔන්න ඉතිං ගමන යනවා. හැල හොල්මනක්, සද්දයක් බද්දයක් නැතුව රියදුරා තමන්ගේ පාඩුවේ සුක්කානම කරකනවා. ඔය අතරේ හදිසියේම යමක් මතක් වෙලා ඒ ගැන අහන්න හිතාගෙන ඉස්සරහට නැඹුරු වෙලා මහත්තයා රියදුරාගේ කරට පොඩි තට්ටුවක් දැම්මා විතරයි…!!

හත්වලාමයි! ඒ පොඩි තට්ටුවට රියදුරා කොච්චර කලබල වුනාද කියනවානම් සියලු බාධක වාරණ අණ පනත් බිදගෙන දැන් ටැක්සිය පාර පුරා සී සී කඩ යනවා, දැන් මේ මනුස්සයට වාහනේ පාලනය කරගන්නත් බෑ. මිනිස්සුත් හප්පගෙන, බස් එකකත් ඔන්න මෙන්න කියලා වද්දගෙන, මහපාරෙන් පැනලා අන්තිමේදි ලයිට් කනුවක ඇනගෙන තමයි වාහනේ අන්තිමට නතර වුනේ.

ඒ නැවතිලත් තත්පර දහයක පහලොවක වගේ නිහැඩියාවකට පස්සේ තමයි රියදුරායි මහත්තයි ආපහු අහසින් පොලොවට පාත්වුනේ. මහත්තයා තවමත් සීට් එක බදාගෙන.

“ආපහු කවදාම හරි ඔබතුමා මගේ වාහනේට ගොඩවුනොත්, මෙන්න වැන්දා මහත්තයෝ. ඔය වැඩේ නම් කරන්න එපා“. රියදුරාගේ කටහඩ තාමත් වෙව්ලනවා.

තමන්ගේ වැරැද්දට කීප වතාවක්ම සමාව ඉල්ලලා මහත්මයා මෙහෙම කිව්වා. “අනේ මම කීයටවත් හිතුවේ නෑ ඔය පොඩි තට්ටුවට ඔහේ එච්චර කලබල වෙයි කියලා“.

එතකොට දෙපාරක් වටපිට බලලා රියදුරා මෙන්න මෙහෙම කිව්වා. “මහත්තයා දන්න බිබික්කම! අද තමයි මම මේ හා හා පුරා කියලා ටැක්සියක් පදින්නේ. පහුගිය අවුරුදු 25 තිස්සෙම මම පැද්දේ මල් ශාලාවේ මිනී කාර් එක“.

සිංහල උපසිරැසි සමග, මගේ කතාව..

ලංකාවට ඇවිත් ගිය මේ පහුගිය සති දෙකේදි මට ලොකු වුවමනාවක් තිබුනා ඔය DVD විකුනන තැන්වල ටිකක් ඇවිදලා බලන්න. ඒ ගියහම චිත්‍ර‍පටි ගොන්නක් අරගෙන තමයි මම ගෙදර ආවේ. සිංහල, ඉංග්‍රීසි, හින්දි, දමිළ මොන තරම් චිත්‍ර‍පටිද. ඒ අතරේ නේක විධ චිත්‍ර‍පටි තියෙනවා සිංහල උපසිරැසි යොදපු. ඒත් එක්කම මමත් යනවා අතීතයට.

මට මතකයි මම මුලින්ම උපසිරැසි වලට බැහැපු විදිය. ඒක ඇත්තටම වුනේ අහම්බෙන්.

මොන තරම් හැකියාවන්, දක්ෂතාවයන් තිබ්බත්, මොන තරම් සුදුසුකම් තිබුනත් අපේ ආර්ථික අපහසුතාවයන් නිසා අපිට සිද්ධ වෙනවා අතට අහුවෙන ඕනම රස්සාවක් කරන්න. ගෙවල් වල බිල් එකතු වෙනකොට, දරු මල්ලන්ගේ උවමනා එපාකම් වැඩිවෙනකොට බල්ලෝ නොමර, හොරකම් නොකර, අනුන්ගේ දේවල් කඩා වඩාගන්නේ නැතුව අතට අහුවෙන ඕනම රස්සාවක් කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙනවා. මෙහෙම වෙන්නේ සහතික මිටි අතේ තියාගෙන, අපේ හැකියාවන් වලට සරිලන තැන්වලට ගිහින්, ඒවායේ යම් යම් හේතු මත ආපහු හරවලා යැව්වාම, ළගම තියෙන පෙට්ටි කඩයකට ගිහින් ප්ලේන්ටියක් එක්ක සිගරට් එකක් ගහන ගමන් හිතේ ඇතිවන සිතිවිල්ල නිසයි. “මේ කොරුවාව හරියන්නේ නෑ. මොකක්හරි කමක් නෑ, දැන් රස්සාවක් හොයාගන්න වෙනවා“.

නුගේගොඩ DVD චිත්‍ර‍පටි විකුණන තැනක රස්සාවක් තියෙනවා කියලා සිළුමිණ පත්තරේ තිබුනා. එවෙලේම කතා කරලා එවෙලේම ගියා බලන්න. මම හිතුවේ කට්ටිය චිත්‍ර‍පටි ගන්න එද්දි මට ඒ අයට උදව් කරන්න විතරයි ඇත්තේ කියලා. බැලුවහම නෑ, subttles ගහන්න. පේලි 20ක් ලැබුනා කොහොමද මගේ ඉංග්‍රීසි, සිංහල දැනුම කියලා බලන්න. ඒ අයට හිතට අල්ලලා ගියා. මෙන්න මේ විදියටයි කෙරෙන්නේ කියලා ඒ අය කියලා දුන්නට පස්සේ, මටත් ගෙදර යන ගමන් දැනුනේ ලොකු ආසාවක්. ඒ වෙනකොට මේ වැඩේ ඉතාමත්ම කීප දෙනෙක් කරපු දෙයක්. ප්‍ර‍මිතිය හා මට්ටම උස් පහත් තලයක තිබුනත්, මේ කාර්යය ඉතාමත්ම ප්‍ර‍ශංසනාත්මකයි.

මම මුලින්ම පටං ගත්තේ FULL HOUSE කොරියානු කතාවෙන්. ඊටපස්සේ LAKE PLACID, PRIMAL, JAMES BOND MOVIE COLLECTION, BUDDHIST MOVIES, HORROR MOVIE COLLECTIONS ආදි නා නා විධ හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍ර‍පටි මගේ අතින් උප සිරැසි ගැන්වුනා. THOUSAND DAYS PROMISE, AUTUMN IN MY HEART ආදි කොරියානු කතා මාලාවන් වුනත් මගේ අතින් තමයි නිමවුනේ. මේ වෙනකොට මගේ නෝනා මහත්මියට රැකියා කටයුතු වලට යා යුතු නිසා, පුංචි දියණියව එකකට දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. අපරාදෙ කියන්න බෑ මා සේවය කරපු තැන ලොකු මහත්තයා මට අවසර දුන්නා ගෙදරම ඉදගෙන මේ කටයුත්ත කරගෙන යන්න කියලා. හුගක් සතුටුයි. දරුවා කොහේවත් යවන්න ඕනෙත් නෑ. මමත් ළග ඉන්නවා.

මගේ පුංචි දැරිවි ඉඩක් දුන්නේම නෑ මට හුස්මක් ගන්න. අනේ ඉතිං කෙලි පොඩ්ඩිට කිරි පොවලා, නිදි කරලා තමයි මම සබ්ස් ගහන්නේ. හුගාක් දුරට මම ඒ දේ කරන්නේ මහා පාන්දර නැගිටලා. ගෙදර ආර්ථික තත්වය අනුව තමයි හැමදේම තීරනය වෙන්නේ. පොඩ්ඩක් ඔලුව උස්සන්න පුලුවන් වුනහම විවේකයක් ගන්නවා. ආපහු අවශ්‍යතාවයන් වැඩිවෙද්දි ඔන්න ඉතිං කොටලා කොටලා හම්බකරනවා. හැබැයි කිසිම අවස්ථාවක උපසිරැසි වල ප්‍ර‍මිතියට හානියක් වෙන්න දුන්නේ නෑ.

ඔහොම ගමනක් යද්දි, මට නා නා විධ අයවලුන් මුනගැහුනා, හුගාක් පරණ ඉංග්‍රීසි හා හින්දි චිත්‍ර‍පටිවලට සිංහල උපසිරැසි කරන්න මට අවස්ථාවක් ලැබුනේ කොළඹ මහජන පුස්ථකාලයේ මහත්මයෙක් නිසයි. පසුව නාලක කියලා තවත් මහත්මයෙක් (අදටත් මා දැක නැති) මගේ උපසිරැසි වලට කැමැත්තෙන් ඔහුගේ හුගක් චිත්‍ර‍පටි වලට මගේ සේවය යොමුකරගත්තා. ඒ වගේම කලට වේලාවට ගනුදෙනු පියවුවා. ඒ වග නම් කියන්නම ඕනේ.

මේ වගේ අතරින් පතරින් හමුවෙචිචි අවස්ථා හා පුද්ගලයෝ නිසා මගේ දරු පවුලේ බඩ වියත රැකගන්න මට පුලුවන් වුනා. කාලයක් යද්දි මිනිස්සුන්ට උපසිරැසි නොමිලේ ලැබෙන්න ගත්තහම, එතෙක් ව්‍යාපාරයක් හැටියට, රාජකාරියක් හැටියට කරගෙන ගිය, මිනිස්සුන්ව ජීවත් කරවපු මේ කාර්මාන්තයට යම් පසු බෑමක් ඇතිවුනා. කඩ හිමියන් අපෙන් උපසිරැසි ගන්න හැදුවේ බොහොම අඩු මුදලකට. ඒවා ටිකක් හිත රිදෙන දේවල්. මේවා කර්මාන්ත. යම් අපහසුතා මැද ජිවත්වෙන, සිංහල ඉංග්‍රීසි යහමින් ගලපා ගත හැකි. ඒවා සැබෑම දෙබස් ලෙස, මුකුත් නොතේරෙන ප්‍රේක්ෂකයන් හට ලබා දෙන අපි කලේ රස්සාවක්. මිනිස්සුන්ට නොමිලයේ මේ දේවල් දෙන එක වරදක් නොවෙයි. ඒත් තවත් මනුස්සයෙක් රස්සාවක් හැටියට කරන දේ නොමිලයේ දෙන්න ගියහම එතන ලොකු රික්තකයක් ඇතිවෙනවා. මොකද, මේ හම්බු කිරිල්ල පිටිපස්සේ දරු පවුලක් ඉන්නවා ජීවත් කරවන්න.

ඒ දේවල් යටගියාවේ. දැන් ඒ අතීතය අතීතයක් විතරයි. නිකම් මේ ගැන කියන්න හිතුවේ බ්ලොග් කලාවේ ඉඩතියෙන සිතිවිලි විකාශය නිසයි. තමන්ගේ අදහස්, කතා, හැගීම් ගැන තමන්ගේ බ්ලොග් එකෙන් නැතොත් කොහේ කියවන්නද? ඒකයි.

එහෙනම්, චිරං ජයතු!

Hollywood සිනමාවේ සැගවුනු රසවත් දේ ඔබට (අංක 1)

  • තමන් ප්‍රධාන චරිතයට පන පෙවූ සෑම James Bond චිත්‍ර‍පටියකම  Sean Connery රංගනයේ යෙදුනේ බොරු කොණ්ඩයක් (wig) සහිතවයි.
  • Passion of the Christ චිත්‍ර‍පටියේ, යේසුස් වහන්සේව කුරුසියට තබා ඇන ගසන අවස්ථාව නිරූපණය කරමින් සිටිද්දි Jim Caviezel හට හැබෑවටම අකුණු සැර පතිත විය.

  • 1995-2002 කාලය අතරතුරදී, James Bond හැර අන් කිසිදු චිත්‍ර‍පටියකට සම්පූර්ණ මහත්මා ඇදුම (full tuxedo) නො ඇදිය යුතු වගට අත්සන් කෙරුනු වාරණ ගිවිසුමක් එහි ප්‍ර‍ධාන නලු Pierce Brosnan වෙත පැවරිනි.

  • Saw 1 චිත්‍ර‍පටිය රූපගත කෙරුනේ දවස් 18ක් වැනි ඉතාම කෙටි කාලයකදීය.

Rocky චිත්‍ර‍පටියේ එක් අවස්ථාවකදී Sylvester Stallone මාංශ ගබඩාවක එල්ලා ඇති විශාල ප්‍ර‍මාණයේ මස් වැදැල්ලකට තඩි බානවා ඔබ දැක ඇතැයි සිතමි. මිට මොළවා එසේ ඔහු එල්ල කළ ඒ වේගවත් පහරින් ඔහුගේ ඇගිලි මිටිය පූර්ණකාලිනවම සමතළා බවට හැරිනි. අදටත් ඔහු අත මිට මෙළවූ විට සම්පූර්ණ ඇගිලි මිටියම ඇත්තේ සෘජු රේඛාවකය.

ගෑනු ඔහොමමයි…

Cartoon of blonde girl driving a sports car isolated on white

එක්තරා අනපේක්ෂිත මොහොතක, එක්තරා මහත්මයෙකුගේ අලුත්ම කිරි කිරි වාහනය නෝනා මහත්මියකගේ වාහනයත් එක්ක මූනට මූන හැප්පිලා චප්ප චොරොස් වුනා. ගන්න දෙයක් නෑ වාහන දෙකම, දහ අතේ අබලං. ඒත් පූරුවේ මොන පිනක් හරි තිබිලා දෙන්න දෙමහල්ලෝ නම් තුවාලයක් සීරුමක් නැතුව බේරැනා.

කොහොමහරි දනිස් දෙකට පණ දීලා බඩගාගෙන වාහන වලින් දෙන්නත් එක්කම එලියට ආවාට පස්සේ නෝනා මෙහෙම කිව්වා. “ඔන්න ඉතිං ඒකෙත් හැටි. ඔයා පිරිමියෙක්. මම ගෑනියෙක්. අපි දෙන්නා ආපු වාහන දෙක සම්බෝල නාලු වෙන්නම හැප්පුනා. ඒත් පෙර පිනක් පඩිසන් දීලා අපි දෙන්නා බේරුනා. මට හිතෙන්නේ මේ අපේ දෛවය මෙයා. මේක සුභ නිමිත්තක්. අපි දෙන්නා යම් හාස්කමකට මුන ගැහුනේ අපි අතර සම්බන්ධයක් ගොඩනගාගෙන ජීවිතේ පුරාවට එකට ගතකරන්න වෙන්න ඇති අනේ“

පැනි වදන් කන් දෙපැත්තෙන් රූරා වැටෙද්දි, මහත්තයාටත් හැමදේම අමතක වුනා. “අපොයි ඔව්. මටත් ඕකම හිතුනා. මේකට තමයි දෛවය කියන්නේ.“

“අනික මේ බලන්නකෝ“. නෝනා කිව්වා. “තවත් ‍ප්‍රාතිහාර්යයක්. මගේ කාර් එකට මෙච්චර සංතෑසියක් වෙලත් මේ විස්කි බෝතලේට මොනම හෙන ගෙඩියක්වත් නෑ. අපේ දෛවය මේ කියන්නේ අපි පණ බේරගත්ත සතුටට මේක හිස් කරන්න කියන එකයි“. එහෙම කියලා අපේ නෝනා, දෝතින්ම පිදුවා විස්කි බෝතලේ මහත්තයාට.

නිළියයි නළුවයි දෙපැත්තෙන් දුවගෙන එද්දි, කොහේදෝ ඉදලා සිංදු ඇහෙන හිංදි චිත්‍ර‍පටි දර්ශනයක් වගේ මේ “දෛවය“ ජවනිකාව මහත්තයාට සෑහෙන්න වැදිලා. ගත්තු ගමන් විස්කි බෝතලේ භාගයක් ගුඩු ගුඩු ගාලා හිස් කරපු එතුමා, ඉතිරිය ආපහු නෝනාට දිගුකලා.

බෝතලේ අතට අරං, මූඩිය තදකරලා වහපු නෝනා ඒක ආපහු දුන්නා මහත්තයා අතට.

“ඇයි සුදෝ, ඔයා ජුංජක්වත් ගන්නේ නැද්ද?“ මහත්තයා පුදුමයෙන් වගේ ඇහුවා.

“ගන්නවා. පොලිසියෙන් මෙතනට ඇවිත් ගියාට පස්සේ“. නෝනා කියාපි.

කතාවෙන් ඉගෙනගත් පාඩම- දහ අට මායිමට හැමදේම යටයි.