ඉවරයි.. ඉවරෙටම ඉවරයි..

මේක වෙලා තියෙන්නේ ජිම් එකකදී. ඉලන්දාරින් කිහිප දෙනෙක් දවසක් ව්‍යායාම් කරලා තම තමන්ගේ ගෙවල් වලට පිටත්වෙන්න කලින් ටිකක් පිරිසිදු වෙලා යන්න ලොකර් රූම් එකට ආවා. ඒත් එක්කම වගේ ‍බංකුවක් උඩ තිබුනු ජංගම දුරකථනයක් නාද වුනා. දුරකථනය අතට අරගෙන දැන් කෙනෙක් ඒකට උත්තර දෙනවා.


“හෙලෝ?”

“සුදෝ, මේ මම රත්තරං.”

“කියන්න වස්තුවේ!”

“ඔයා කොහෙද? ක්ලබ් එකේද?”

“ඔව් මයෙ අම්මා.”

“ෂෝක්නේ, මම ෂොපින් ආවා බබෝ. දැන් ඉන්නේ ඔයාගේ ළගපාතම තැනක.  මේ ඒක නෙමේ, අර පිහාටු පිහාටු වගේ අල්ලපු කෝට් එකක් මෙතන තියෙනවා. දැක්කම ඇස් කඩාගෙන යනවා. අනේ සුදෝ, මම ඒක ගන්නද?”

“හරි, කීයද ගාණ?”

“වැඩිය නෑ බබෝ, 1,50,000යි.”

“මොනා කරන්නද, ඔයා ආසයි කියනවනේ. එහෙනම් ඉතිං ගන්න.”


“අනේ කමක් නැද්ද එහෙනං? මේ මම තව චූටිත්තං බඩුවක් බැලුවා. 2010 ට මර්සිඩීස් වලින් අලුත් කාර් එකක් ගහලා. භවනක් වගේ මෙයා. මම එතන මැනේජර් එක්කත් කතා කරලා බැලුවා. ටිකක් අඩුකරලා ගන්න පුළුවන්. අපේ පරණ කාර් එකට හතරවටේම එවුන් හිනා වෙනවානේ සුදෝ, උන්ගේ ඇහේ කටු ඇනෙන්නත් එක්ක අපි ගමුද මේක? ආ, මොකද කියන්නේ?”


“හරි හරි.. කීයක් කියනවද?”

“අපෝ එච්චර නෑ, ලක්ෂ 600යි.”

“හරි කමක් නෑ, ගන්න, හැබැයි ගන්න කලින් බලන්න කියපු හැමදේම තියෙනවද කියලා.”


“අනේ දැන් ඔයා හරි හොඳයි බබෝ. මේ තව පොඩිම පොඩිම දෙයක් තියෙනවා.”


“මොකක්ද ඒ පාර?”


“අනේ මංදා, මම ඔයාට කරදර කරනවා කියලා නම් හිතන්නෙපා. මතකද ගිය අවුරුද්දේ අපි අර බලපු තට්ටු තුනේ ගෙදර? අර මෙයා, පූල් එකයි, අක්කර පහේ වත්තයි එකටම වගේ තිබුනේ. මතක නැද්ද අයියෝ..”


“හරි හරි.. දැනුයි මගේ ඔළුවට ආවේ, අන්තිම කීය කියලද කියන්නේ?”


“මහ ලොකු ගාණකුත් නෙමේ එහෙම බැලුවම. කෝටි 65යි නේ. මම අපේ බෑන්ක් අකවුන්ට් එකත් චෙක් කරලයි මෙහෙම කියන්නේ. ඔයා කැමැත්තක් කියන්නකෝ.”


“මොනා අමුතුවෙන් කියන්නද? ඔයාගේ කැමැත්තක් කරන්න. ළඟදී ඔයාට මුකුත් අරං දෙන්නත් බැරිවුනානේ.”

“අද නම් ඔයා හරිම හොඳයි සුදු බබෝ. මට නිකමටවත් එපා කිව්වේ නෑ. එහෙනම් වැඩ සේරම කරගෙන මම එන්නම්කෝ ඔයාව ගන්න. ඇවිත් දෙන්නම් උම්මා නාන්නම. එහෙනම් දැන් තියන්නම් හො‍ඳේ!!”

“බායි.”

අන්තිමේදී, සංවාදයට නැවතීමේ තිත තියලා, තිබුනු තැනම ආපහු ෆෝන් එක තියන ගමන් ඒ මනුස්සයා ළඟ හිටපු කෙනෙක්ගෙන් මෙහෙම ඇහුවා.

“කවුරුහරි මට කියනවද මේ ෆෝන් එක කාගෙද කියලා?”


8 thoughts on “ඉවරයි.. ඉවරෙටම ඉවරයි..

  1. ඇයි මල්ලි බලන්න එන අයටත් බොරුව අහුවේයි කියලද මම ඊයෙ දාපු කොමෙන්ට් එක කලේ නැත්තෙ, මෙහෙම අදහස් ‍තෝරල දානවනම්, ඒ කියන්නෙ ඔයා මේ බ්ලොග් කලාවෙන් බලාපොරොත්තුවෙන්නෙ හිතරවට්ට ගන්න, හරකට කකුල් දෙකයි කිව්වම සාදු කියන මොලේ කලඳක් වත් නොමැති යෙහෙයියන් මිතුරු කර ගැනීම පමණයි.

    1. ඉහත ජෝක් එකේ ඇත්ත නැත්ත හොයන්න ඇවිත්, ඒක ලංකාවේ වෙන්න පුළුවන් දෙයක්ද, නැද්ද, ගෑණි එහෙම කියපු පලියට මිනිහා අරං දෙයිද කියලා ‍ලොකු දේවල් අහපු සෑම් අයියේ. මේ අහන්න ලොක්කා. මට මාව රවට්ටගන්නවත්, අනුන්ව රවට්ටන්නවත් කියලා දෙවිදියක් නෑ. ජෝක් එකක් කියන්නේ වෙන්න පුළුවන් වගේම, වෙන්න බැරි දේකුත් වෙන්න පුලුවන් කියන එකයි.

      මුලින්ම කතාවේ අග මුල තෝරා බේරගන්න. තමන්ගේ ෆෝන් එකක් නෙමේ නිසා තමයි අරූ කුපාඩි කමට අර ගෑණිට හැමදේම ගන්න කියන්නේ. අනික ජෝක් එකකදී වෙන්න පුලුවන් දේ, බැරි දේ හොයන්න ඔයා ජෝක් විශාරදයෙක්ද? නිකන් විහිලුවක් වෙන්න එපා මාස්ටර්.
      මම ඔයාගේ කමෙන්ට් එකත් පළනොකලේ තේරුමක් නැති නිසා. ඒ ඇරෙන්න ගතයුතු කිසිම දෙයක් ඒකේ නෑ. බලන්නකෝ ඔයා අහන ප්‍රශ්න. ‍එහෙම වෙන්න පුළුවන්ද? බැරිද? අනේ මංදා..

      බොරුවට මාත් එක්ක අරගන්න එන්න එපා. විහිලුවක් විහිලුවක් විදියට භාරගන්න බැරි ඔයාව සංතෝස කරන්න මට ලොකු හදිස්සියක් නෑ. පලකලාම හොඳ නරක කියන්න කාටත් පුළුවන්. ඒත් යම් ඕනෑම මාතෘකාවක්, ඒ අනුව සලකා බලන්න පුරුදුවෙන්න. සංවේදි දෙයක් සංවේදී විදියටත්, ආදරණීය දෙයක් ආදරණීය විදියටත්, සංකීර්ණ මාතෘකාවක් ඒ විදියටත් යනාදී විවිධ පැතිකඩ ඔස්සේ බලලා නිගමන වලට එන්න උත්සාහකරන්න. ඕනෑම දෙයක් තුලනාත්මක විදියට බලන්න පුරුදුවෙන්න. හැමදේම ඔයාගේ බර දෘෂ්ඨිකෝණෙන් බලන්න හදන්න එපා.

      මහා පණ්ඩිත වචන අවශ්‍ය නෑ. ජෝක් එකක් පලකලාම ඒකේ ඇත්ත නැත්ත හොයන්න එන ඔයා වගේ ලොකු අයියලාත් ප්‍රබුද්ධ ජෝක් එකක් විතරමයි.

      මතක තියාගන්න ලොකු අයියා, ජෝක් කියන්නේ ජෝක්. ජෝක් ඉදිරියේ ගොඩක් සංකීර්ණ වෙන්න හදන්න එපා.

Leave a comment